TBB පිළිබඳව

Thru the Bible යනු ප්‍රේමයේ කතාවකි: පරණ සහ අලුත් ගිවිසුමේ පොත් 66 තුළින් කියවෙන, මිනිස් වර්ගයා උදෙසා වූ දෙවියන්වහන්සේගේම ප්‍රේමයේ කතාවයි.

Thru the Bible සේවයේ කේන්ද්‍රය ඇත්තේ ආදර කතාවකි: පැරණි හා අළුත් ගිවිසුම්වල පොත් 66 හරහා කියැවෙන, මනුෂ්‍යත්වය වෙනුවෙන් දෙවියන්ගේම ආදර කතාව — සෑම වචනයක්ම සත්‍ය බැවින් අපට එය ඇසෙන සෑම විටම වඩාත් අලංකාර වන කතාවකි.

බයිබල් බස් (Bible Bus) සේවාව සුවිශේෂී වන්නේ, ඒ හරහා සම්පූර්ණ බයිබලය ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමට හැකිවීම නිසයි

පැරණි ගිවිසුමේ උත්පත්ති පොතෙන් අධ්‍යයනය ආරම්භ කර, අලුත් ගිවිසුමේ මතෙව් පොත වෙත යොමු වී, ඉන්පසු නැවත පැරණි ගිවිසුමට පිවිසෙමු. මේ ආකාරයෙන් නියමිත පිළිවෙළකට ක්‍රමානුකූලව, අපි බයිබලයේ ඇති පොත් 66 හරහා ගමන් කරන්නෙමු.

ඔබට කැමති ඕනෑම නැවතුම්පොළකින් “බයිබල් බස්” රථයට ගොඩවී, ඔබ කැමති තාක් කල් මෙම බයිබල් අධ්‍යයන ගමනේ නිරත විය හැකිය.

Thru the Bible” සේවය මගින් සඳුදා සිට සිකුරාදා දක්වා විවිධ මාධ්‍ය ඔස්සේ දෙවියන් වහන්සේගේ වචනය උගන්වන අතර, දෙවියන් වහන්සේගේ වචනය තුළින් යන මෙම ගමනට එක්වන ලෙස සියලු දෙනාටම ආරාධනා කරයි.

අපගේ අධ්‍යයන සම්පත් භාෂා රැසකින් ලබාගත හැකිය. ඔබට වඩාත් හොඳින් වටහාගත හැකි, ඔබ කතා කරන භාෂාව තෝරාගෙන බයිබල් ඉගැන්වීම් ගවේෂණය කරන්න.

‘බයිබල් බස්’ ඔබට උපකාර වන්නේ කෙසේද?
“දෙවියන්වහන්සේගේ වචනයේ සත්‍යය දැනගැනීමට ඔබ උනන්දු වන්නේ නම් (මාර්ක් 4:23 බලන්න), ඔබ:

තමන්වහන්සේගේ වචනය තුළින් දෙවියන්වහන්සේ පවසා ඇති දේ සහ එහි අර්ථය ඔබේ ජීවිතයට අදාළ වන ආකාරය වඩාත් පැහැදිලිව අවබෝධ කරගත හැකි වනු ඇත. (ගීතාවලිය 119:105)

ශුභාරංචියේ ඇති අසිරිමත් සත්‍යයන් සහ දෙවියන් වහන්සේ පිළිබඳ ඔබේ විශ්වාසය අන් අය සමඟ බෙදාගත හැකි වනු ඇත. (1 පේතෘස් 3:15)

සත්‍යය සහ අසත්‍යය අතර වෙනස වඩාත් හොඳින් හඳුනාගත හැකි වනු ඇත. (2 තිමෝති 2:15)

දෙවියන් වහන්සේගේ වචනය තුළින් සැනසීමත්, පාපය නිවැරදිව හඳුනාගැනීමට මඟපෙන්වීමත්, ඇදහිල්ලෙන් ශක්තිමත් වීමත් ලබමින්, ජීවිත කාලය පුරා දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීමට සූදානම් විය හැකිය. (2 තිමෝති 3:16–17)

බයිබලය අධ්‍යයනය කරන්න අප සමඟ “බයිබල් බස්” ගමනට එක්වන්න.

Scroll to Top